පරිච්ඡේදය – 103 : අල් අස්ර් (කාලය)

පරිච්ඡේදය 103
අල් අස්ර් (කාලය)

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්

103-1
කාලය මත සත්තකින්ම!

103-2
මිනිසා (තම ආයුෂ කාලය අපතේ වියදම් කර) නියත වශයෙන්ම පරාජිත (මාර්ගයෙහි) සිටින්නේය.

103-3
(එහෙත්) කවරෙකු, විශ්වාස කර, යහපත් ක්‍රියාවන්හි යෙදී සත්‍යය පිළිබඳ අන්‍යොන්‍ය උපදෙස් කරගත්, ඉවසීම පිළිබඳ අන්‍යොන්‍ය උපදෙස් කරගත් පුද්ගලයන් හැර.