පරිච්ඡේදය – 056 : අල් වාකිආ (අති විශාල සිද්ධිය)

පරිච්ඡේදය – 056
අල් වාකිආ (අති විශාල සිද්ධිය)

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්

56-1
(යුග අවසානය නමැති) අති විශාල සිද්ධිය සිදු වුවහොත්-

56-2
එම සිද්ධිය බොරු කරන්නන් කිසිවෙකුත් නැත.

56-3
එය (බොහොමයකගේ තත්වය) පහත හෙලා දමනු ඇත. (බොහොමයකගේ තත්වය) උසස් කර හරිනු ඇත.

56-4
ඒ අවස්ථාවේදී ඉතාමත් බලසම්පන්න භූමි කම්පාවක් ඇති වී-

56-5
කඳු (විනාශ වී එකකට එකක් ගැටී) සුණු විසුනු වී දූවිළි අනු බවට පත් වී-

56-6
ඒවා (අහසෙහි) දූවිලි වශයෙන් පාවී යනු ඇත.

56-7
(එදිනදී) ඔබ කොටස් තුනකට ඛෙදී යන්නෙහුය.

56-8
(පළමුව): දකුණු පාර්ශවයේ ඇති අයයි. දකුණු පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? ඔවුන් ඉතාමත් භාග්‍යවන්තයින්ය).

56-9
(දෙවනුව): වම් පාර්ශවයේ සිටින අයයි. වම් පාර්ශවයේ සිටින මොවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? මොවුන් ඉතාමත් අභාග්‍යවන්තයින්ය).

56-10
(තුන්වෙනුව): පෙර ඉකුත්ව ගිය අයයි. (මොවුන් දැහැමි කාරණාවන්හි අන් සියල්ලන්ටම වඩා) පෙර ඉකුත්ව ගිය අයයි.

56-11
මොවුන්ම (තමන්ගේ දෙවියන්ට) ඉතාමත් සමීපවූ අයයි.

56-12
සුවය ගෙන දෙන ස්වර්ගයන්හි සිටින අයයි.

56-13
(ස්වර්ගයන්හි) පළමු කොටසේ අයගෙන් එක් විශාල සමූහයක්ද,

56-14
(පෙර ඉකුත්ව ගිය) පසුව සිටින්නන්ගෙන් එක් සුළු ගණනයක්ද සිටින්නාහ.

56-15
(රණ්, දියමන්ති වලින්) නිමාවූ උසස් සිංහාසනයන් මත-

56-16
කෙනෙකුට කෙනෙකු මුහුණ ලා ඒ මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත.

56-17
මේ වෙනුවට ලාබාල තරුණයින් (සේවය කිරීමට සෑම විටම) මොවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ.

56-18
මිහිරි පානයන්ගෙන් පිරි කුසලානයන්ද, කෙණ්ඩිද, බඳුන්ද ඔසවාගෙන (ඔවුන් වටා කැරකෙමින්ම සිටිනු ඇත).

56-19
එමගින් (එම පානයන් පානය කිරීම මගින්) මොවුන්ට හිසරදයද ඇති නොවේ. මොවුන්ගේ සිහි බුද්ධියද වෙනස් නොවේ.

56-20
මොවුන් (කැමති වී) තෝරා ගන්නා පලතුරු (වර්ගයන්)ද

56-21
කැමති පක්ෂීන්ගේ මස්ද, (එම තරුණයින් උසුලාගෙන ඒ මේ අත සැරිසරනු ඇත).

56-22
(එහි මොවුන්ට) හූරුල් ඊන් (නමැති අලංකාරවත් කන්‍යාවන් වන භාර්යයාවන්)ද, සිටිනු ඇත.

56-23
(ඔවුන්) ආරක්ෂා කරනු ලබන මිණි මුතු මෙන් (සිටිනු ඇත).

56-24
(මේ සියල්ල) මොවුන් කළ (පින් ඇති) ක්‍රියාවන්ට ඵලවිපාක වශයෙන් ලැඛෙනු ඇත.

56-25
එහි මොවුන් නපුරු වචනද, පුහු කතාබහද සවන් දෙනු නොලබන්නාහ.

56-26
එහෙත් සලාම්, සලාම් (ශාන්තිය හා සමාදානයද) යන ශබ්දය මිස, (වෙන කිසිවක් සවන් දෙනු නොලබන්නාහ).

56-27
දකුණු පාර්ශවයේ සිටින අය – දකුණු පාර්ශවයේ සිටින ඔවුන්-

56-28
කටු නැති මසං ගස් යටද,

56-29
(අග සිට මුළ දක්වා) කැන් වශයෙන් එල්ලෙන (මල් නැති) කෙසෙල් ගස් යටද,

56-30
දිගු සෙවණෙහිද (සිටිනු ඇත).

56-31
(එහි සදාකල්) ගලා යමින් ඇති ජලයද-

56-32
බොහෝ පලතුරු වර්ගද (ඇත).

56-33
ඒවායේ පලතුරු (අනුභව කිරීම) වළක්වනු ලබන්නේද නැත. (කැඩීම නිසා) අඩු වන්නේද නැත. (එකක් කැඩීමෙන් වෙනත් එකක් ඒ ස්ථානයේම දක්නට ලැබේ).

56-34
උසින් පිහිටි උසස් ඇතිරිළි වල (වාඩි වී සිටිනු ඇත).

56-35
(ඔවුන් සමග අති අලංකාරවත් කන්‍යාවන් වන හූරුල් ඊන් නමැති කන්‍යාවන්ද සිටිනු ඇත. ඔවුන් කිසිවෙකු විසින් ප්‍රසූත කරනු ලැබූවන් නොව). නියත වශයෙන්ම අපි ඔවුන්ටම (අයිති වන සේ මොවුන්ව අළුතින්ම) උත්පාදනය කර ඇත්තෙමු.

56-36
(කෙබඳු) කන්‍යාවන් වශයෙන් ඔවුන්ව උත්පාදනය කර ඇත්තෙමුද (යන්න ඔබ දන්නෙහුද? )

56-37
(තම ස්වාමිපුරුෂයින්වම) ආදරය කළ හැකි යෞවන වියේ කන්‍යාවන් වන්නාහ.

56-38
(කළින් වර්ණනා කරන ලද මේවා) දකුණු පාර්ශවයේ සිටින අය වෙනුවෙන් (පිළියෙල කර ඇත්තේය).

56-39
(මොවුන් සමග) පෙර සිටි අයගෙන් එක් සමූහයක්ද-

56-40
පසුව සිටි අයගෙන් එක් සමූහයක්ද, සිටිනු ඇත.

56-41
වම් පාර්ශවයේ සිටින්නන් නම්- වම් පාර්ශවයේ සිටින්නන්ගේ (අභාග්‍යසම්පන්න තත්වය) දන්නෙහුද?

56-42
(ඔවුන්) දරුණු උණුසුම් සුළෙඟහිද, උතුරණ ලෝදියෙහිද-

56-43
ඝන අඳුරු දුමාරයෙහිද සිටිනු ඇත.

56-44
(එහි) ශීතයක්ද නොතිඛෙනු ඇත. සැනසුමක්ද නොලබන්නාහ.

56-45
මීට පෙර මොවුන් නියත වශයෙන්ම ඉමහත් සැප සම්පත්හි සිටියහ.

56-46
එහෙත් වශාල පාපයන් කිරීමෙහි ස්ථීරව සිටියහ.

56-47
තවද “කිමෙක්ද! අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇටසැකිළි බවටද පත් වූ පසු ඇත්තෙන්ම අපි පණ දී නැගිටවනු ලබන්නෙමුද?

56-48
(එසේම) පෙර ඉකුත්ව ගිය අපගේ පියවරුන්වද (නැගිටුවනු ලබන්නෙහුද?)” යයි (සමච්චලයෙන් මෙන්) පවසමින් සිටියහ.

56-49
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම ඔබගෙන් වූ පෙර සිටියවුන් වුවද කම් නැත, පසුව සිටියවුන් වුවද කම් නැත,

56-50
(ඔබ සියල්ලන්ම) නියමිත දිනකදී (නොවැරදී පණ දී නැගිට්ටවනු ලැබ) ඒකරාශී කරනු ලබන්නෙහුය.

56-51
ඉන්පසුව (මෙදින) බොරු කළ දුර්මාර්ගිකයිනි! නියත වශයෙන්ම ඔබ,

56-52
සක්කුම් නමැති ගසම අනුභව කරන්නෙහුය.

56-53
එමගින්ම (ඔබගේ) කුස පුරවා ගන්නෙහුය.

56-54
පසුව උතුරණ ලෝදියම බොන්නෙහුය”

56-55
(එයද හදිසි හදිසියෙන්ම) පිපාසයට පත් ඔටුවන් බොන්නාක් මෙන් ඔවුන් පානය කරනු ඇත.

56-56
ඵලවිපාක දෙන දිනදී ඔවුන්ට අයත් සංග්‍රහය මෙයයි.

56-57
(දුර්මාර්ගිකයිනි!) අපිම ඔබව (පළමු වරට) උත්පාදනය කර ඇත්තෙමු. (එබැවින් නැවත වරක් ඔබව පණ ගැන්වීම) සත්‍යය යයි ඔබ විශ්වාස කළ යුතු නොවේද?

56-58
ඔබ ඇතුළු කරන ඉන්ද්‍රිය (බිඳ) අවධානය කළෙහුද?

56-59
එය (දරුවෙකු බවට) ඔබ උත්පාදනය කරන්නෙහුද? නැතහොත් අපි උත්පාදනය කරන්නෙමුද?

56-60
අපිම ඔබ අතරේ (විවිධ අන්දමට) මරණය ඇති කරන්නෙමු. (මෙම කාරණාවෙහි) කිසිවෙකුත් අපට ඉහළින් යා නොහැක.

56-61
(තවද) අපි ඔබගේ හැඩරුවම වෙනස් කර, ඔබ නොදන්නා එක් හැඩරුවකින් ඔබව නිර්මාණය කර හැරීමට (නොහැකි කෙනෙකු නොව).

56-62
පළමු වාරයේදී (ඔබව) උත්පාදනය කිරීම නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නවා නොවෙද! (මෙමගින්) ඔබ හොඳ දැනුමක් ලබා ගත යුතු නොවේද? (මෙසේම පරලොවෙහිද අපි ඔබව පණ දී නැගිට්ටවන්නෙමු).

56-63
ඔබ භූමියෙහි ගොවිතැන් කරන දැය ගැන අවධානය කළෙහුද?

56-64
එය ඔබ (පැළ කර) අස්වැන්න බවට පත් කරන්නෙහුද? නැතහොත් අපි අස්වැන්න බවට පත් කරන්නෙමුද?

56-65
අපි කැමති වුවහොත් එය (පැළ නොවන) බොල් බවට පත් කරන්නෙමු. ඒ අවස්ථාවේදී ඔබ විමතියට පත් වී-

56-66
“නියත වශයෙන්ම අපි පාඩුව අත් කර ගත්තෙමු”.

56-67
තවද අපට කිසිවක් නොලැබී ගියේය” (යයිද පවසමින් සිටින්නෙහුය).

56-68
ඔබ බොන වතුර අවධානය කළෙහුද?

56-69
වලාකුළෙන් ඔබ එය වසින්නට සලස්වන්නෙහුද? නැතහොත් අපි වසින්නට සලස්වන්නෙමුද?

56-70
අපි කැමති වුවහොත් එය (ඔබට බොන්නට නොහැකි) ලූණු ජලය බවට පත් කර හැර ඇත්තෙමු. (මෙයට) ඔබ කෘතඥ විය යුතු නොවේද?

56-71
ඔබ (ලිපෙහි) මොළවන ගින්නද අවධානය කළෙහුද?

56-72
එහි දර ලී ඔබ උත්පාදනය කළෙහුද? නැතහොත් අපි උත්පාදනය කරන්නෙමුද?

56-73
(නිරා ගින්න ඔබට) මතක් කර දීම පිණිසද, මැගියන්ට ප්‍රයෝජනවත් වනු පිණිසද, එය අපිම ඇති කළෙමු.

56-74
එබැවින් (නබියේ! මේවාට කෘතඥ වන සේ) ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!

56-75
තාරකාවන්ගෙන් පිහිටි ස්ථානයන් මත මා දිව්රන්නෙමි.

56-76
(ඔබට) බුද්ධියක් ඇත්නම් නියත වශයෙන්ම මෙය ඉමහත් වූ දිව්රුමක් යන්න දැන ගන්නෙහුය.

56-77
නියත වශයෙන්ම මෙය ඉතාමත් ගෞරවයෙන් පිරි කුර්ආනය වන්නේය.

56-78
(මෙය ලව්හුල් මව්ෆූල් නමැති) ආරක්ෂා කරන ලද ග්‍රන්ථයෙහි (ලියනු ලැබ ඇත්තේය).

56-79
පරිශුද්ධවන්තයින් මිස, (වෙන කිසිවෙකුත්) මෙය ස්පර්ශ කරන්නේ නැත.

56-80
සියලූ ලෝකයන්හි දෙවියන් විසින් මෙය පහළ කරන ලදී.

56-81
එබැවින් මෙහි ඇති කාරණාවන්ද, (ගණන් නොගෙන) සුළුකොට සළකන්නෙහුද?

56-82
නැතහොත් බොරු කිරීමම ඔබ, ඔබගේ ජීවනෝපාය බවට පත් කරගෙන ඇත්තෙහුද?

56-83
(ඔබගෙන් මරණයට පත් වන කෙනෙකුගේ පණ) උගුරු දණ්ඩ අත් කර ගතහොත්-

56-84
ඒ අවස්ථාවේදී ඔබ (මරණයට පත් වන අයට සමීපව සිටියද, ඔබට කිසිවක් කර කියා ගත නොහැකිව) උඩ ගොස් බිම වැටෙන්නෙහුය.

56-85
එහෙත් අපි ඔහුට, ඔබට වඩා ඉතාමත් සමීපව සිටින්නෙමු. එහෙත් ඔබ (අපව) දකින්නේ නැත.

56-86
ඔබ කිසිවෙකුටත් එක්කාසු නොවී (පූරණ නිදහස ඇත්තෙකු වශයෙන්) සිටිමින්-

56-87
ඇත්තෙන්ම ඔබ (මෙහි) සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, එය (මරණයට පත් වූ ඔහුගේ පණ) ඔබ බේරා ගන්නවා නොවෙද!

56-88
(මරණයට පත් වූ අය පරිශුද්ධවන්තයින් වශයෙන් හිඳ, දෙවියන්ට) සමීප වූවන්ගෙන් කෙනෙකු වශයෙන් ඔහු සිටින්නෙහි නම්-

56-89
ඔහුට ශරීර සොෟඛ්‍යයද, තෘප්තියද ඇත. සතුට ගෙන දෙන ස්වර්ගයද ඇත.

56-90
(එයිනුත්) ඔහු දකුණු පාර්ශවයේ වූ අය වශයෙන් සිටින්නෙහි නම්-

56-91
(ඔහුට) “ඕ දකුණු පාර්ශවයේ සිටින්නෙනි! ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි කියනු ලැබේ).

56-92
තවද ඔහු මාර්ගය වැරද ගොස් (මෙම ධර්මය) බොරු කරන්නන්ගෙන් වූ අය වශයෙන් සිටියහොත;

56-93
උතුරණ ලෝදියම (ඔහුට) සංග්‍රහ කරනු ලබන අතර;

56-94
නිරයෙහිද තල්ලූ කරනු ලබන්නේය.

56-95
නියත වශයෙන්ම මෙය සැකයෙන් තොර සත්‍යයක් යන්න ස්ථීරය.

56-96
එබැවින් (නබියේ!) ඔබ ඉමහත් වූ ඔබ දෙවියන්ගේ ශුද්ධ වු නාමය (පවසා) සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.